Google Maps/Earth අමතර සේවා කොන්දේසි

අවසන් වරට සංස්කරණය කළේ: 2012 මාර්තු 1

Google Earth මෘදුකාංගය බාගත කිරීමෙන්, ස්ථාපනය කිරීමෙන් හෝ භාවිතයෙන්, Google Maps සේවාවට පිවිසීමෙන් හෝ භාවිතයෙන් ( "නිෂ්පාදන" හෝ "සේවා"ද එක්ව), හෝ නිෂ්පාදන ඇතුලත වෙනත් අන්තර්ගතයන්ට පිවිසීමෙන් හෝ භාවිතයෙන්, ඔබ පහත බැඳීම් හා එකඟ වේ: (1) Google සේවා කොන්දේසි (" පොදු කොන්දේසි");(2) අපගේ නීති නිවේදන පිටුවේ හමුවන කොන්දේසි ( "නීති නිවේදන"); සහ (3) අමතර සීමා සහ කොන්දේසි ආරක්ෂා කරයි ("අමතර කොන්දේසි"). ඔබ නොකඩවා කරගෙන යාමට පෙර, මෙම ලිපි තුනම කියවිය යුතු මෙන්ම ඒවා එක්ව, නිෂ්පාදන භාවිතය පිලිබඳ ඔබ සහ Google අතර අන්තර් එකඟතාවයක් සාදනු ලබයි. පොදු කොන්දේසි, නීති නිවේදන සහ අමතර කොන්දේසි එක්ව ගත් කල "කොන්දේසි" ලෙස හඳුන්වයි.

නිෂ්පාදන බාගත කිරීමේ, පිවිසීමේ හෝ භාවිතා කිරීමේ කොන්දේසියක් මත, ඔබ Google පෞද්ගලිකත්ව කොන්දේසිවලට එකඟ විය යුතුය.

1. නිෂ්පාදන භාවිතය. Google Maps වෙත පිවිසීමට, Google Earth මෘදුකාංගය සහ සේවාව බාගත කිරීමට හා භාවිතයට, සහ කොන්දේසි අනුව නිෂ්පාදනය තුල අන්තර්ගතයන් (පහත සඳහන්) වෙත පිවිසීමට පොදු, පැවරිය නොහැකි බලපත්‍රයක් ඔබට Google විසින් ප්‍රදානය කරයි.

2. පරිශීලනය සීමා කිරීම. Google විසින් (හෝ අදාළ නම්, සුවිශේෂී අන්තර්ගතය ලබා දෙන්නා විසින්) ලිඛිත පෙර අවසරයකින් තොරව ඔබ නොකළ යුතු දේ: (අ) අන්තර්ගතය හෝ එහි කොටසක් පිටපත් කිරීම, පරිවර්තන කිරීම, වෙනස් කිරීම හෝ ව්‍යුත්පන්න කාර්යයන් සිදු කිරීම; (ආ) නිෂ්පාදන හෝ අන්තර්ගතය තෙවන පාර්ශවයට ලබාගත හැකි පරිදි නැවත බෙදාහැරීම, උප අවසරදීම, කුලියට දීම, ප්‍රකාශන කිරීම, විකිණීම, පැවරීම, බද්ධට දීම, අලෙවි කිරීම, මාරු කිරීම හෝ වෙනත් කාර්යන් සිදුකිරීම; (ඇ) සුවිශේෂීව අනුමැතිය ලබාදී තිබීම හෝ අදාළ නීතිය මඟින් ඉල්ලා සිටීම හැර සේවයේ හෝ එහි කොටසක් ප්‍රතිවරතන කර සකස් කිරීම, සම්පාදන නොකිරීම හෝ එහි ප්‍රභව කේත ලබාගැනීමට උත්සාහ කිරීම; (ඈ) සංඛ්‍යාත අක්‍ෂාංශ හෝ දේශාංශ ඛණ්ඩාංක, ඡායාරූප අනුරූප සහ දෘශ්‍ය සිතියම් දත්ත ඇතුළුව නමුත් එයට සීමා නොවී ඕනෑම අන්තර්ගතයන්හි තොග වශයෙන් බාගැනීම හෝ තොග පෝෂණය වෙත පිවිසීමට හැකි පරිදි නිෂ්පාදනයන් පරිශීලනය කිරීම; (ඉ) නිෂ්පාදනය තුළ හෝ අන්තර්ගතය තුළ දර්ශනය වන කිසියම් අවවාදයක් හෝ සම්බන්ධකයක් ඉවත් කිරීම, අපැහැදිලි කිරීම හෝ වෙනත් කිසිම මාර්ගයකින් වෙනස් කිරීම; හෝ (ඊ) පහත සඳහන් කොට ඇති දේ වලට සම්බන්ධව කිසියම් නිෂ්පාදන, පද්ධතියන් හෝ යෙදුම් සමඟ සේවාව හෝ අන්තර්ගතය පාවිච්චි කිරීම (i) ඔබගේ සංවේදකය සක්‍රීය කළ උපාංග සමඟ විටින් විට මාර්ග පෙන්නුම් කිරීම සමකාල කිරීම අඩංගුව එහෙත් එයට සීමා නොවී සම කාලීන මාර්ග සෙවීම; හෝ (ii) වාහන චර්යාව ස්වයංක්‍රීයව හෝ ස්වයංතාන්ත්‍රික පාලන කිරීම සඳහා වන කිසියම් පද්ධතියන් හෝ ලක්‍ෂණ; (උ) ස්ථාන දත්ත හෝ දේශීය ලැයිස්තු කිරීම් හෝ දත්ත සමුච්චයක් නිර්මාණ කිරීම සඳහා නිෂ්පාදන තොරතුරු පාවිච්චි කිරීම.

3. සුදුසු පාලනය; නීතිය සහ Google කොන්දේසි සමග අනුමත වීම. නිෂ්පාදනය භාවිත කරන හා එයින් හට ගන්නා ප්‍රතිපලයක් අතරතුරදී ඔබගේ පාලනය සහ අන්තර්ගතයන් සඳහා ඔබ වග කියන බවට එකඟ වේ. Google සාදා ඇති සීමා සහ සුදුසු කොන්දේසි හෝ උපදේශන අනුව සුදුසු අරමුණු සඳහා පමණක් නිෂ්පාදන භාවිත කිරීමට ඔබ එකඟ වේ.. උදාහරණයක්‌ ලෙස, සහ සීමාවක් ලෙස නොව, නිෂ්පාදන හෝ අන්තර්ගතයන් භාවිතයේදී ඔබ එකඟ වේ: ඔබට (අ) නිග්‍රහ කිරීම, අපයෝජනය කිරීම, හිරිහැර කිරීම, පීඩා කිරීම, බල කිරීම හෝ වෙනත් ලෙස අන් අයගේ නීති අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම (පුද්ගලිය හෝ පොදු අයිතිවාසිකම්); (ආ) අදාළ නැති, අපකීර්තියට පත්, අශිෂ්ට, හෝ අයුතු අන්තර්ගතයන් යැවීම, තැපැල් කිරීම, විද්‍යුත් තැපෑල් කිරීම, පැතිරවීම හෝ පත් කිරීම; (ඇ) ඕනෑම පේටන්ට්, වෙළෙඳ ලකුණක්, කතෘ බලයක්, වෙළෙඳ රහසක් හෝ ඔබ අයිතිවාසිකමේ අයිතිකරු නොවේනම් හෝ අයිතිකරුගේ අවසරයක් නොමැතිව හෝ එවැනි අන්තර්ගතයක් භාවිතයට නීතිමය අවසරයක් නොමැතිව වෙනත් පාර්ශවයක අදාළ අයිතිවාසිකමක් යැවීම, තැපැල් කිරීම, විද්‍යුත් තැපෑල් කිරීම, පැතිරවීම හෝ පත් කිරීම; (ඈ) පිරමිඩ ආකාර, බැඳුනු ලිපි, හෝ කඩාකප්පල්කාරී වාණිජ පණිවිඩ හෝ දැන්වීම් යැවීම, තැපැල් කිරීම, විද්‍යුත් තැපෑල් කිරීම, පැතිරවීම හෝ පත් කිරීම; (ඉ) වෙනත් අන්තර්ගතයක්, පණිවිඩයක්, හෝ සුදුසු නීතියකින්, සීමා හෝ වෙනත් සුදුසු නිෂ්පාදන කොන්දේසි හෝ උපදේශන වලින් තහනම් කරන ලද සන්නිවේදනය යැවීම, තැපැල් කිරීම, විද්‍යුත් තැපෑල් කිරීම, පැතිරවීම හෝ පත් කිරීම; (ඊ) නීතිමය ලෙස බෙදා හැරිය නොහැකි ලෙස ඔබ දන්නා හෝ ඔබ යම් තරමකින් දැන ගත යුතු ලෙස ප්‍රකාශිත ලිපිගොනුවක් භාගත කිරීම; (උ) වෙනත් පුද්ගලයෙක් හෝ සම්පතක් ලෙස වංචා සහගතව පෙනී සිටීම හෝ වෙනත් කතෘ ලක්ෂණ හෝ අදාල තනතුරු හෝ මුලාශ්‍ර අන්තර්ගතයේ ලේබල, මෘදුකාංග හෝ වෙනත් අයිතම වංචා කිරීම හෝ මකා දැමීම; (ඌ)නිෂ්පාදන හෝ Google සේවා භාවිත කරන වෙනත් පරිශීලකයෙක් වැලැක්වීම හෝ තහනම් කරීම; (ඍ) Google සේවා හෝ අන්තර්ගතයේ කොටසක් ලබා ගැනීමට හෝ ලැයිස්තු කිරීමට රොබෝවන්, වෙබ් මකුළුවන්, අඩවි සෙවීම්/ලබා ගැනීම් පද්ධති හෝ වෙනත් උපංගයක් භාවිත කිරීම හෝ අවසර නොලත් අරමුණක් සඳහා පරිශීලකයන් ගැන තොරතුරු රැස් කිරීම; (එ) වැරදියට ප්‍රකාශ කරන ලද හෝ Google විසින් අනුග්‍රාහක හෝ ස්ථිර කරන ලද අන්තර්ගතයක් වෙතින් හට ගන්නා ලද අන්තර්ගතයක් ඇතුලත් කිරීම; (ඒ) ස්වයංක්‍රියව හෝ වැරදියට හෝ වංචනික රැවටිල්ලක් මගින් පරිශීලක ගිණුම් නිර්මාණය කිරීම; (ඔ)වංචනික ක්‍රියා පිලිබඳ විස්තරාත්මක තොරතුරු ලබා දීම හෝ අනුබල දීම; (ඕ) ඕනෑම කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට විරුද්ධව ශාරීරික හානියක් කිරිමට අනුබල දීම; හෝ (ඖ)වෙනත් වයිරස, දුෂ්‍ය, දෝෂ, ට්‍රෝජන් හානි හෝ විනාශකාරී වෙනත් අයිතම යැවීම කල නොහැක.

4. නිෂ්පාදන තුළැති අන්තර්ගතය. Google Maps සහ Google Earth විසින් ඡායාරූප අනුරූප, සිතියම්, භූමිභාග දත්ත, ව්‍යාපාර ලැයිස්තු කිරීම්, සමාලෝචනයන්, ගමනාගමනය, සහ Google විසින් හා එහි අවසර ලත් අය විසින් සහ එහි පරිශීලකයින් විසින් ලබාදෙන අදාළ තොරතුරු ඇතුළත්ව නමුත් ඒවාට සීමා නොකළ අන්තර්ගත කිහිපයකට පිවිසීමට ඔබට අනුමැතිය ලබා දේ ("අන්තර්ගතය"). එයට අමතරව, Google Gadgets වැනි Google සේවාවන් මඟින් ලබාදෙන නිෂ්පාදන මඟින් පිවිසීම ලබාදෙන වෙනත් තුන්වන පාර්ශවයේ අන්තර්ගතයන්ට පිවිසීමද ඔබට තෝරාගත හැක. ඔබ පහත සඳහන් දෑ අවබෝධ කරගන්නා අතර ඒවාට එකඟ වනු ඇත: (අ) සිතියම් දත්ත, ගමනාගමනය, දිශාවන් සහ අදාළ අන්තර්ගතයන් ලබාදී තිබෙන්නේ සැලසුම් කිරීමේ අවශ්‍යතා සඳහා පමණයි. කාලගුණ තත්ත්වයන්, ඉදිකිරීම් ව්‍යාපෘතීන්, වසා දැමීම් හෝ අනෙකුත් සිද්ධීන් මඟින් මාර්ග තත්ත්වයන් හෝ දිශාවන් සිතියම් ප්‍රතිඵල වලින් වෙනස් වීම ඔබට බලාගත හැක. මෙම අන්තර්ගතය පාවිච්චි කිරීම සඳහා ඔබම තීරණාත්මක විය යුතුය.(ආ) TomTom Global Content BV ("TomTom") ඇතුලත්ව නමුත් එයට සීමා නොවූ තෙවන පාර්ශවයේ අවසරයන් යටතේ ලබාදෙන ලද සමහර අන්තර්ගතයන් TomTom හා/හෝ අනෙකුත් තෙවන පාර්ශවයන්ට අයත් හෝ අනුමැතිය ලත් ප්‍රකාශන හිමිකමට සහ බුද්ධිමය දේපල හිමිකම් වලට යටත් වේ. මෙම අන්තර්ගතය අවසර නොගෙන පිටපත් කිරීම හෝ හෙළි කිරීම් සඳහා ඔබ වගකිව යුතු වේ. ඔබගේ TomTom අන්තර්ගත භාවිතය මුද්‍රණය කිරීමට සහ ප්‍රවර්ධක දේවල් වල භාවිතයට ඇතුලත් අතර එහෙත් එයට සීමා නොවන අතර, නීති නිවේදන පිටුවේ සඳහන් කළ ඇති සීමා වලට යොමු වේ.

5. Google Earth සඳහා අමතර කොන්දේසි. Google Earth මෘදුකාංගය එක්සත් ජනපද අපනයන ක්‍රියාවලිය පාලනයට. නීතිමය, අදාල සහ මෙම සීමා වලට අනුකුල අරමුණු සඳහා පමණක් Google Earth මෘදුකාංගය භාවිත කිරීමට ඔබ එකඟ වේ. විශේෂයෙන්ම, එ.ජ. වාණිජ දෙපාර්තමේන්තුවෙන් පාලනය වන අපනයන පරිපාලන රෙගුලාසි ("EAR"), සහ විදේශ සම්පත් පාලන භාණ්ඩාගාර දෙපාර්තමේන්තු කාර්යාලයෙන් පාලනය වන වෙළෙඳ සහ ආර්ථික සම්බාධක ඇතුළත්ව, සුදුසු අපනයන සහ නැවත අපනයන නීති සහ රෙගුලාසි වලට ඔබ එකඟ වේ.

6. වගකීම් පිලිබඳ බලපත්‍ර සහ සීමාවන් වියාචනය. (අ)නිෂ්පාදන හෝ වෙනත් අන්තර්ගතයන්හි නිරවද්‍යතාවය හෝ සම්පුර්ණතාවය පිලිබඳ නියෝජනයක් හෝ බලපත්‍රයක් GOOGLE සහ බලපත්‍රලාභින් (TOMTOM සහ එහි සපයන්නන් ඇතුලත්ව එහෙත් සීමා නැත) නොදරයි.(ආ) GOOGLE පොදු සීමාවන්හි “අපගේ බලපත්‍ර සහ වියාචන” කොටසේ උක්තාදිව, GOOGLE සහ එහි අවසරලාභීන් (TOMTOM සහ එහි සපයන්නන් ඇතුලත්ව එහෙත් සීමා නැත) අන්තර්ගත හෝ නිෂ්පාදන සමග බැඳුනු සියලු බලපත්‍ර වියාචනය කරන අතර අන්තර්ගත හෝ නිෂ්පාදන භාවිතයෙන් වන කිසිදු හානියකට හෝ පාඩුවකට වගකීමක් නොදරයි.

7. එ.ජ. ආණ්ඩුවේ සීමිත අයිතිවාසිකම්. එක්සත් ජනපද රජය වෙනුවට නිෂ්පාදන භාවිත කර හෝ පිවිසී ඇත්නම්, එවැනි භාවිත අපගේ නීති නිවේදන පිටුවේ "ආණ්ඩු අවසාන පරිශීලකයන්" කොටසේ සඳහන් අමතර සීමා වලට උක්ත වේ.